top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

විනාඩි 5ක් අරන් කියවන්න

  • Writer: ජානුවා
    ජානුවා
  • Feb 28, 2018
  • 3 min read

විනාඩි 5ක් අරන් කියවන්න

.

බලගතු රටවල් විදිහට ඇමරිකාව, චීනය, ජපානය, රුසියාව ඉදිරියට ආවේ කොහොමද?

ඒ ඔවුන් කර්මාන්ත හා ව්‍යාපාර දියුණු කල නිසා.

එක්සෝන් මොබිල්, CNP, වෝල්මාර්ට්, ඇපල්, ගූගල්, ඉන්ටෙල්, ටෙස්ලා, ස්පේස්එක්ස්, ජෙනරල් මෝටර්ස්, මයික්‍රෝසොෆ්ට්, කොඩැක්.....

මේ සියල්ලටම විද්‍යාවේ හා තාක්ශනයේ ඉහලම සොයාගැනීම් හා නිපැයුම් අවශ්‍ය උනා.

අයින්ස්ටයින්, නීල්, ඕපන්හයිමර්, ටෙස්ලා, හබල්, පෝලී, ගේට්ස්, ඩාවින්සි,   බෙල්, ෆ්ලෙමිං, රයිට්ස්, ෆැරඩේ, හෝකින්ස්, මාරි, නිව්ටන්, ගැලීලියෝ......

මේ අය හා අනෙක් ලක්ශ ගණනක විද්‍යාඥයන් හා ඉන්ජිනේරුවන් මේ ගමනේ බලය උනා.

විද්‍යාව කියන්නේ සත්‍ය සොයායෑමේ සම්පූර්ණ ව්‍යායාමයක්.

හිතන්න මං මගේ සොයාගැනීමක් පලකරනවා.

හැබැයි මගේ එදිරිවාදී තවත් විද්‍යාඥයෙක් හිතනවා මං වැරදී කියලා.

ඔහු මගේ සොයාගැනීම් නැවත පරීක්ශාකරනවා. වඩාත් හොද පරීක්ෂණ කරනවා. මේතමා Peer Review.

ඔහුගේ සොයාගැනීම් මගේ සොයාගැනීම් සමග ගැලපුනොත්.....

වසර ගනනක් තිස්සේ කරන පරීක්ෂණ අවසානයේ....

බිහිවෙනවා නිදහස් සත්‍යක්. (E=MC^2 වගේ)

මෙහෙමයි විද්‍යාව හා තාක්ශනය ප්‍රගමණය වෙන්නේ.

විද්‍යාව කිසිම වෙලාවක වැරදීම් පිලිගන්න මැලි වෙන්නේ නෑ. මොකද සියල්ලන්ම මිනිස්සු. මිනිස්සු වැරදි කරනවා.

විද්‍යාව ඉතා ප්‍රභල යාන්ත්‍රණයක්. මේ යාන්ත්‍රණය මිනිස් පරිකල්පනය සමග එක්උනාම එහි පියසටහන් වෙනත් ලෝකවල පවා වදිනවා. එහි දෑත් අනාගතය දරාසිටිනවා.

ලෝකයේ අනාගත ප්‍රගමණයට දැන් ඉන්න ප්‍රමාණය වගේ මිලියන ගුණයක් ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයන් ඕන. ඒත්...

සමහර අවස්තාවල මේ බලවත් රටවල් වල විද්‍යාව පිලිබද නොදන්න එය ප්‍රතික්ශේප කරන අය දේශපාලන බලයට පත්වෙනවා.

""අපි ඉල්ලා සිටිනවා ඇමරිකාවේ පාසල් වල පරිණාමය කියන්නේ මතයක් විතරයි කියලා උගන්නන්න."" - Mike Pence

""ප්‍රතිශක්තීකරණය ප්‍රතික්ශේප කරන දෙමාපියන්ගේ ප්‍රමාණයේ ඉහල යාමක්""

""ප්‍රාන්ත විශාල ගනනක් ජානවිකරණය කල ආහාර තහනම් කරයි""

මොනාද මේ මිනිස්සු කරන්නේ? රටක දියුණුව රදාපවතින්නේ රටේ තාක්ශන ක්ශේත්‍ර වල දියුණුව මත. දරුවන් විද්‍යාව ප්‍රතික්ශේප කලොත්?

ශ්‍රීලංකාව?

දළ සමීක්ශණයක් කලොත් ලංකාවේ 9-12 පාසල් දරුවන් කොච්චර නම් විද්‍යාව සමග ඉන්නවද කියල 9,10,11,12 අනුපිළිවෙළින් යනකොට පරිණාමය වගේ මූලික සංකල්ප ප්‍රතික්ශේප කරන ප්‍රතිශතය ඉහල යනවා නමුත් ඒ අතිශය සුලුවශයෙන්. හැබැයි ඒ ප්‍රතික්ශේප කිරීමට හේතුව කියවෙන්නේ තමංගේ වැඩිහිටියන්ගේ ප්‍රකාශ හා තමංගේ ආගම්වල ඉගැන්වීම් වලට පටහැනි නිසා. මොකක්ද මේ කරලා තියෙන්නේ ලමයින්ට?

වැඩිහිටියන් සම්බන්ධයෙන් ඊටත් වඩා කණගාටුදායක ප්‍රථිපල ලැබෙන්නෙ.

වැඩිම පිරිසක් යෝජනා කරන්නේ විද්‍යාව කියන්නේ බොරුවක් කියලා. ඔවුන් විශේෂයෙන් කියන්නේ බටහිර විද්‍යාව කියන එක බොරුලු.

මොකක්ද මේ බටහිර විද්‍යාව? නැහැ එහෙම එකක් නෑ. විද්‍යාව සංස්කෘතියකින් සංස්කෘතියකට වෙනස් වෙන්නේ නෑ. වෙනස් වෙන්නේ විද්‍යාව භාවිතා කරන විදිහ.

ලංකාවේ වැඩිහිටියන් වැඩිම ප්‍රමාණයක් අධිමානසික බලයන් විශ්වාස කරනවා. යමක් නැති උනාම සොරකම් කලාම පොලිසියට කලින් යන්නේ දේවාලෙට.

තවත් අය නූතන මිනිසා බිහිවෙන්නේ වසර ලක්ශ දෙකකට පමණ පෙර කියන එක ප්‍රතික්ශේප කරනවා.

තවත් අය පරිණාම බොරු බව කියනවා. මේකට නම් හේතුව පරිණාමය කියන එකේ මූලික සංකල්ප නොදැනීම.

මේ තමා ලංකාවේ ජන්දය හිමි බදුගෙවන ජනතාව. අර දරුවෝ තාම ජන්දේ පාවිච්චි කරන්නේ නෑ.

නමුත් මේ වැඩිහිටියන් මේ දරුවන්ගේ ඔලුව වෙන්ස් කරනවා. විකාර වලින් පුරවනවා.

ලංකාවේ නම් රාවණා කියලා වාල්මිකීගේ ප්‍රබන්ධ ඔලුවට දානවා. ඊලගට මොකෝ වෙන්නේ මුන් ලංකාවේ උන් තමා වැඩ්ඩො කියාගෙන කෑගහනවා විතරයි.

මේකෙන් මොකක්ද වෙන්නේ?

ඊලගට බිහිවෙන පරම්පරාව දන්නේ දෙනදේ කරලා බකන් නිලං ඉන්න එක.

රටක දියුණුවට අවශ්‍ය නිපැයුම් නිපදවීම නවතිනවා. රටේ ආර්ථිකය නවතිනවා.

හැමදාම 2500ය හෝ රාවණා පතුරු ගැහුවට කෝ ලංකාවට පුලුවන් උනාද අඩුමගානේ ගුවන්යානාවත් හදන්න? න්‍යෂ්ටික පර්යේෂණ කරන්න?

විද්‍යාව අතින් සාක්ශර ඉදිරි පරපුරක් ඕන. එතකොට තමා අපිට දේශපාලන වශයෙන් රටේ අනාගතය ස්ථාවර කරන්න පුලුවන් වෙන්නේ.

සෑම මොහොතකම යමෙක් විද්‍යාවට එරෙහිව ඉන්නකොට දැනට දශක ගණනාවකට පෙරකල යුතුව තිබූ දෙය තවත් කල්යනවා.....

ආගම කවදාවත් විද්‍යාවට බලපෑම් කරන්න පාවිච්චි කරන්න එපා. මොකද විද්‍යාව ඉන්නේ ආගමට වඩා උඩින්.

මිනිස්සු තමයි දෙවියන් නිශ්පාදනය කලේ. ඒනිසා අපි තමා දෙවියන්.

දෙවියන් කියන්නේ විද්‍යාව නොතිබුණු කාලයක පරිසරයේ සංසිද්ධිය පහදන්න කල සංකල්පයක් විතරයි.

ඇයි...............

මිනිස්සු තමංගේ ආගම් ඇදහීමේ කිසිම වැරැද්දක් නෑ. ඒක එක අතකින් හොදයි ඇත්තටම.

නමුත් ආගම විද්‍යාවට එරෙහිව පාවිච්චි කරන්න පටන් ගන්නකොට ඒක ලොකු ප්‍රශ්නයක්.

ලංකාවේ අයගේ මිත්‍යාවේ වෙලාගැනීම කොච්චද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ආසිරියා, වාලම්පුරියා, ඉන්දිකයා වගේ මිනිස්සු හූරන් කන අපත හැත්ත පෝශණය වෙන්නේ මිනිසුන්ගේ නොදැනීමේ ප්‍රථිපල ලෙස.

මොකක්ද මේකට විසදුම?

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන එක. අධ්‍යාපනයට වඩ වඩාත් ප්‍රතිපාදන යොදන එක. නමුත් වඩා වැදගත්ම එක.... උගන්නන්න පුලුවන් ගුරුවරු බිහිකරන එක......

විද්‍යාවට හෝ මිත්‍යාවට යන මාවතට දරුවෙක් යන එක ගුරුත්වය වගේ... පුංචි තල්ලුවක් විතරයි ඕන. ඒ තල්ලුවේ ස්වභාවය මත තෝරගන්න මාවත තීරණය වෙනවා.

ලංකාවේ මේ තත්වය ගැන කියවෙන ගීතයක් තියෙනවා. ඕනම කෙනෙක් දන්න ආජුතපර ගීතය. මං ඉන් කොටසක් දමන්නම්.

"විදුණැනයෙන් අභිසෙත් ලබමින්නේ සද මතුපිට පියවර එසවෙන්නේ අප පමණද එකතැන කැරකෙන්නේ අප තනිකර ලෝකය දිවයන්නේ"

විද්‍යාව සත්‍යයයි ඔබ එය විශ්වාස කලත් නැතත්.............

(Inspired by Dr. Neil D. Tyson)

©️ Rezor Kenway

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page