top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

ජංගම දුරකථන ක්‍රීඩා

  • Writer: ජානුවා
    ජානුවා
  • Jul 30, 2018
  • 2 min read

ස්මාර්ට් ෆෝන් එකක් තියන හැමෝමවගේ අනිවාර්යයෙන් කරන දෙයක්නේ Games Play කරන එක.


හැබැයි සමහර ගේම්ස් එහෙම සමහර ෆෝන් වල වැඩකරන්නේ නෑ. සමහර වෙලාවට ස්ලෝ. තවත් සමහර වෙලාවට ස්ලෝ නොවී ග්‍රැෆික් කොලිටි එක අඩුයි.


ඇයි එහෙම වෙන්නෙ කියල බලමු.


ස්මාර්ට් ෆෝන් වලත් ග්‍රැෆික් ප්‍රොසෙසර් එකක් (GPU) තියනව කියල හැමෝම වගේ දන්නවනේ.


දැනට ස්මාර්ට් ෆෝන් වල ග්‍රැෆික් ප්‍රොසෙසර් හදන අය ඉන්නේ

ARM (Mali)

Qualcomm (Adreno)

nVidia (Tegra)

වගේ අය. (මං දන්න විදිහට නම් Huawei Kirin980 එකේ එන්නේ Huawei GPU එකක්. එහෙම උනොත් ඒකත් මේ ලිස්ට් එකට එනව)


මේ GPU වලින් ග්‍රැෆික් රෙන්ඩර් කරන්න පාවිච්චි කරන API/Library දෙකක් දැනට තියනව.


ඒකෙන් එකක් OpenGL ES

අනිත් එක Vulcan


Vulcan ආවේ Android 7.0 එක්ක. දැන් නම් Android Run කරන්න Vulcan එක්කෝ සපෝර්ට් කරන්නම ඕන එහෙම බැරි නම් සපෝර්ට් නෑ කියල කියන්න GPU එකට පුළුවන් වෙන්න ඕන. අනික Vulcan වැඩකරන්නේ OpenGL ES එක්ක.


හැබැයි OpenGL තමා වඩාත්ම විහිදුනු හා වැඩිම භාවිතාවක් තියන එක.


මේ OpenGL ES Version කීපයක් ආවා කාලයත් එක්ක. ඒ හැම එකක්ම ඊට පෙර එකට වඩා අලුත් එක්ස්ටෙන්ශන් සපෝට් කරනව.


උදාහරණයක් විදිහට දැනට ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් අවම එක OpenGL ES 2.0 අලුත්ම එක OpenGL ES 3.2


එක්ස්ටෙන්ශන් කියල අදහස් කලේ Texture කම්ප්‍රෙශන්ස්, බෆරින්ග් වගේ ඒව.


සමහර ගේම්ස් හදල තියනව සමහර එක්ස්ටෙන්ශන් අනිවාර්යයෙන් පාවිච්චි වෙන විදිහට. ඒනිසා Opengl Es 3.2 ඕන ගේම් එකක් Opengl Es 2.0 එකක රන් වෙන්නෙ නෑ.


හැබැයි ඕපන් ජීඑල් ඊඑස් බැක්වර්ඩ් කම්පැටිබල්. ඒනිසා 2.0 ඉලක්ක කරල හදපු ඒවා 3.2 වල වැඩ.


Google Playstore එකෙන් පුළුවන් Developersලට ග්‍රැෆික් API එක මත එක එක රිස්ට්‍රික්ශන් දාන්න. ඒකියන්නෙ තමංගෙ ඇප් එක OpenGL ES 3.2 නැති ෆෝන් එකක ඉන්ස්ටෝ වීම වලක්වන්න පුළුවන්. ඒවගේ වෙලාවට තමා අර This Version is Not Compatible with your Device කියල එන්නේ.


ඒවගේම සමහර වෙලාවට ෆෝන් එකේ GPU එක OpenGL ES 3.2 සපෝට් උනත් පවර්ෆුල් මදි වෙන්න පුළුවන්.


ඒකියන්නෙ ඩුවල්-කෝ GPU එකකට දැන් එන අලුත්ම ගේම්ස් රන් කරන්න අමාරුයි. නැත්නම් එක්කෝ ක්ලොක් ස්පීඩ් එක මදි.


මේනිසාඒවගේ ඩිවයිස් බ්ලොක් කරන්නත් පුළුවන් ඩිවලොපර්ලට.


තවත් දෙයක් තමා ගේම්ස් වලින් සමහර GPU වලදි තමංගෙ ග්‍රැෆික් කොලිටි එක අඩු කරගන්නව පර්ෆෝමන්ස් තියාගන්න. එහෙම වෙන්නේ සමහර ගේම්වල විතරයි. ගොඩක් ගේම්ස් පවර්ෆුල් නැති GPU වල ලැග් වෙනව.


මේ නිසා ෆෝන් එකක් ගන්නකොට GPU එක ගැනත් හොයල බලන්න. නැත්නම් ආසම ගේම් එක ආතල් එකේ ප්ලේ කරන්න බැරිවෙනව.


ගීශ පහල කමෙන්ට් එකක කියල තියනව වගේ තාම ඇන්ඩ්‍රොයිඩ් OS එකේ UI එක රෙන්ඩර් වෙන්නෙ Opengl Es වලින්. Vulcan එන්නේ Q එක්ක.

© Rezor kenway


 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page