top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

ලොව වටිනාම ද්‍රව්‍යයන්

  • Writer: ජානුවා
    ජානුවා
  • Mar 5, 2018
  • 1 min read

ලොව වටිනාම ද්‍රව්‍යයන්......


මේ කියන්න යන්නෙ ලෝකෙ වටිනාම ද්‍රව්‍යන් 16 ගැන. මේ ලිස්ට් එකේ තියන සමහර ඒවයින් එක ග්‍රෑම් එකක් ගන්න IKEA එකේ එකාට තියා බිල් ගේට්ස්ටවත් බෑ.

පහල දාලා තියෙන්නෙ එක ග්‍රෑමයක වටිනාකම. පාවිච්චි කරපු මූල්‍ය ඒකකය ඩොලර්.

16) කස්තුරි $11

15) රත්‍රන් $55

14) රෝඩියම් $58     මේක ප්ලැටිනම් වගේ ලෝහයක්.     ප්‍රතික්‍රියාකාරීබව අඩුයි.

13) ප්ලැටිනම් (සුදු රත්‍රන් කියලයි මමත් මුලින් හිතන් හිටියේ. මේ ඒවා නෙවෙ) $60

12) Methamphetamine $100     Breaking Bad එකේ ඩෑල් එක     හදන්නේ මේවා. ක්‍රිස්ටල් මෙත්.

11) රයිනෝ අඟ $110     මේක නම් තේරුමක් නැති දෙයක්.     මිත්‍යාවක් නිසා අහිංසක සතෙක්     මැරෙනව.

10) හෙරොයින් (කුඩු) $130

09) කොකේන් $230

08) LSD $3000     මේකත් ඩ්‍රග් එකක්. මනෝ විකාර     හැදෙනව මේකෙන්. මරු ආතල්     තියෙන්නෙ මේක ගත්තු උන්ගෙ.

07) ප්ලුටෝනියම් $4000

06) Painite $9000     මැණික් වර්ගයක්.

05) Taaffeite $20,000     මේකත් මැණික් වර්ගයක් තමා.     හැබැයි දියමන්ති වගේ මිලියන     වාරයක් දුර්ලභයි. හැබැයි ඊටවඩා     මිල අඩුයි.

04) Tritium $30,000     හයිඩ්‍රජන් වල සමස්ථානිකයක්. 03) දියමන්ති $55,000

02) Californium එක ග්‍රෑමයක්     ඩොලර් මිලියන 26ක්!     මේක විකිරණශීලී මූලද්‍රව්‍යයක්.

1) ප්‍රති-පදාර්ථය. මේකේ එක ග්‍රෑමයක්    ඩොලර් ට්‍රිලියන 62ක්!

   ප්‍රතිපදාර්ථය නම් බිල්ගේට්ස්ටවත් ගන්න බෑ. මේකෙන් ස්වල්පය බැගින් නිපදවලා තියෙනවා අංශු ත්වරක වල. අනික පොසිට්‍රෝන නම් කෙසෙල් වලිනුත් පිටවෙනව. PET Scanner එකේ පාවිච්චි වෙන්නෙත් මේව නිකුත්වෙන ෆ්ලුවොරීන් 18. ෆ්ලුවොරීන් 18හි අර්ධ ආයුකාලය විනාඩි 118යි. ඉතින් පෙට් ස්කෑන් එකේ ගාන වැඩි එක හිතාගන්න පුළුවන්නෙ.

කෙසෙල්වල තියන පොටෑසියම්-40න් ස්වල්ප වශයෙන් පොසිට්‍රෝන නිකුත්වෙනව. හැබැයි ඒකෙන් හානියක් නැහැ අපිට. ඒනිසා කෙසෙල් කෑමට බයවෙන්න ඕන නෑ. එහෙම පොසිට්‍රෝන නිකුත් වෙන්න නම් පොටෑසියම්  තියෙනවා කියන්නේ ඉතින් කෙසෙල්වල පොටෑසියම්  තියෙනවා කියන එක 😁..........

(දත්ත නම් ගත්තෙ මූලාශ්‍ර කීපෙකින්. එකින් එකට අගයන් වෙනස් නිසා ඒවයි Avarage එක ගත්තෙ)

© Rezor Kenway Stardate 2017.30.0

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page