මාර්ක්: හෙලෝ
- ජානුවා
- Mar 14, 2018
- 2 min read
මීන් වයිල් ඉන් ෆේස්බුක් හෙඩ් ඔෆිස්,
(දුරකතනය නාදවෙයි)
මාර්ක්: හෙලෝ

..
රජය: අපි ඔයාලගේ වෙබ් එක අපේ රටේ තහනම් කරා. 😛
මාර්ක්: 🤔🤔 කවුද ඔයාලා?
රජය: අපි මේ අපි. ශ්රී ලංකා රජය.
මාර්ක්: ඒ කොහෙද? මීටර් නෑ.
රජය: අර අර ඉන්දියාවට යටින් තියෙන්නේ. දූපත දූපත. දැන් මතකද? 😃
මාර්ක්: ඒ මාලදිවයින නේ තියෙන්නේ.
රජය: නෑ නෑ ඒක නෙවේ. ඊට ටිකක් මෙහා. අඹ ඇටේ වගේ තියෙන්නේ.
මාර්ක්: මීටර් වෙන්නෙම නෑනේ... ම්ම්ම්ම්ම්.
(සේවකයෙක් හෙමින්) සේවක: සර්, ඔය අර කියන්නේ අපි අර නිතරම මනුසයෙක් ගේ එඩිට් කරපු පොටෝ බල බල හිනා වෙන්නේ. අන්න ඒ පොර ජනාධිපති වෙලා ඉන්න රට ගැන.
මාර්ක්: ආ... රයිට් රයිට්. දැන් මීටර් උනා. ඉතින් කියන්න. මොනවද වෙන්න ඕනි අපෙන්? 😄
රජය: අපි ඔයාලව බ්ලොක් කරා. හී හී.
මාර්ක්: ඉතින්? ඒක ඔයාලගේ කැමත්ත.
රජය: ඉතින් ඔයාලට ආය අන්බ්ලොක් කරගන්න ඕනි නැද්ද? අපේ ගොඩක් අය හිටියානේ. 😠
මාර්ක්: එහෙම නම් ඉතින් උවමනාවක් නෑ. ඔයාලා කැමති නම් කරන්න. 😅
රජය: එහෙම බෑ. අපිට ඔයාලගේ ඇස්සස් ඕනී.
මාර්ක්: අපිව ඇක්සස් කරන්න ඕනි කෙනෙක් ට පුලුවන් නේ. ඔයාලටත් ප්රශ්නයක් නෑ.
රජය: එහෙම නෙවේ. අපිට ඕනි අපේ අය මොනවද කියන්නේ කරන්න බලන්න. එයාලා යවන මැසේජ් එහෙම.
මාර්ක්: එහෙම කරන්න ඕනි නම් එයාලා පාස්වර්ඩ් දාලා එකවුන්ට් එකක් හදන්නේ නෑනේ. අපිට මෙච්චර සිකුරිට් වලට වියදම් කරන්න දේකුත් නෑ. 😅😅
රජය: ඒ කියන්නෙ දෙන්න බැරිද? 😠
මාර්ක්: බෑ. 😊
රජය: එහෙනම් අපි වෙනම සෝශල් නෙට්වර්ක් එකක් හදාගන්නවා අපිටම. 😛
මාර්ක්: හා. හදලා ඉවර උනාම කියන්න. මාත් එකවුන්ට් එකක් හදාගන්නම්. 😅😅
රජය: එහෙම බෑ. ඔයාලගේ කවුරු හරි මෙහෙට එවන්න.
මාර්ක්: ඒ මොකටද?
රජය: මොකටද අහන්නේ. අපිට සාකච්ඡා කරන්න.
මාර්ක්: මොකක් ගැනද?
රජය: ඔයාලගේ සර්විස් එක ගැන.
මාර්ක්: ඉතින් ඔයාලා වෙන එකක් හදනවා කිව්වේ දැන්. අපෙ එක මොකටද ආය. 😄
රජය: එහෙම බෑ. ඔයා එන්නකො මෙහෙට. අපිට කතා කරන්න.
මාර්ක්: මට එන්න බෑ. වැඩ හොදටම මේ දවස් වල.
රජය: එහෙනම් වෙන කෙනෙක් එවන්න. නියෝජිතයෙක්.
මාර්ක්: බලන්නම් මම හිටියොත්. කොහෙද රට කිව්වෙ ශ්රී ලංකාව නේ?
රජය: ඔව්. උසස් නිලදාරින් කීපදෙනෙක් එවන්න ආ.
මාර්ක්: හා හා. 😅
රජය: ඕකේ. එහෙනම් අපි තිබ්බා. ඉක්මනට එවන්න.
(දුරකතනය තබයි)
මාර්ක්: (වටපිට බලා) මේ ඔයා. ඔයා මොන සෙක්ශන් එකේද?
සේවක: සර් මම කිචන් එකේ. සර් ට තේ එක අරගෙන ආවේ.
මාර්ක්: හරි ඕක ඔතනින් තියලා. ඔයා ශ්රී ලංකාවට ගිහින් එන්න ලෑස්ති වෙන්න. හෙට කියන්නම් කරන්න ඕනි දේ. දැන් යන්න.
උපුටා ගැනීමකි.. සම්පූර්ණ අයිතිය කතෘ සතුය.
Commentaires