ස්විස්ටර්ලන්තය
- ජානුවා
- Feb 28, 2018
- 3 min read
බටහිර යුරෝපයේ තියෙන තවත් සුන්දරම රටක් විදිහට ස්විට්සර්ලන්තය හදුන්වන්න පුළුවන්. ඔස්ට්‍රියාව මෙන්ම ස්විට්සර්ලන්තයත් සෑම දෙසින්ම ගොඩබිමින් ආවරණය වූ මනරම් ස්විස් ඇප්ල්ස් වලින් වටවුනු සුන්දර දේශයක්. වර්ග.කිමී 42000කට ආසන්න භූමි ප්‍රමාණයක් සතු ස්විට්සර්ලන්තයේ ප්‍රධාන භාෂාව වන්නේ ජරමානු බසයි.
මේ තවත් කරුණු කිහිපයක්. 🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️🇨🇭️
1. ඔස්ට්‍රියාව මෙන්ම ස්විට්සර්ලන්තයත් සැලකෙන්නේ ලොව ජීවත්වීම සදහාවූ හොදම දේශයක් ලෙස. එමෙන්ම ලොව සතුටින්ම සිටින තවත් ජාතියක් තමයි ස්විස් ජනයා.
2. ජාතික ධජය සමචතුරස්‍ර හැඩයක් ගන්නා අතර එම හැඩය ඇති අනෙක් එකම කොඩිය වන්නේ වතිකානයේ ජාතික කොඩියයි.
3. Confoederatio Helvetica යනුවෙන්ද ස්විට්සර්ලන්තය හැදින්වෙන අතර එහි කෙටි යෙදුම (CH) ලෙස සද්දන් වෙනවා. ස්විස් ෆ්‍රෑන්ක් වල ඛේතය (CHF) යනුවෙන් සදහන් වෙන්නේ මේ නිසායි.
4. ලොව සැහැල්ලු ගිනිඅවි සදහා ලිහිල්ම නීති පනවා ඇති දේශයක් ලෙස ස්විට්සර්ලන්තය හැදින්වෙනවා. ( දල වශයෙන් රටේ ජනගහණයෙන් 41%ක් පමණ ගිනි අවි හිමි කරුවන්). එමෙන්ම ලොව අඩුම අපරාධ සිදුවන රටක් බවටත් නොකියාම බැහැ.
5. ජර්මානු බසට අමතරව ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ශ් භාෂාවද ස්විට්සර්ලන්තයේ භාවිතා වෙනවා.
6. කවුරුත් අසා ඇති ආකාරයට චොක්ලට් යනු ස්විස් හි ප්‍රධානම අපනයන භණ්ඩයක්. Lindt , toblerone, milka වැනි ප්‍රසිද්ධ චොකලට් වර්ග ස්විට්සර්ලන්තයේ නිෂ්පාදන. කෑමට ගතහැකි රත්‍රන් චොකලට්ද ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදනයක්. එමෙන්ම ලොව වැඩියෙන්ම ඒක පුද්ගල චොක්ලට් පරිභෝජනය ඇත්තේද ස්විට්සර්ලන්තයේයි. එය වසරකට කිලෝ ග්‍රෑම් 11ක්.
7. න්‍යෂ්ටික ප්‍රහාරයකට දැනටමත් ස්විට්සර්ලන්තය සූදානම් වී හමාරයි. එයට ඔරොත්තු දෙන බංකර රට තුළ ඉදීකර ඇත්තේ රටේ මුලු ජණගහණයම ආවරණය කරගත හැකි ලෙසයි. එමෙන්ම යුදමය අවස්ථාවකදී ඔවුන්ගේ අධිවේගී මාර්ග වෙන්කර ඇති rails ගැලවිය හැකි ලෙස ඉදිකර ඇත්තේ ඕනෑම ආකාරයක ගුවන් යානාවක් ගොඩබැස්විය හැකි ආකාරයට.
8. ස්විස්ටර්ලන්තය තමන්ගේ රටේ ආරක්ෂාව පිළිබද ඉමහත් සැලකිල්ලක් දක්වන රටක්. රට වට ඇති කදු අතර මාර්ග සහ රට තුළට පිවිසිය හැකි සියළුම මාර්ග ඔවුන් පරිගණක ගතකොට ඇත්තේ හදිසි අවස්ථාවකදී එම කදු පුපුරා දමා මාර්ග අවහිර කර ආක්‍රමණිකයන් රට තුළට ඒම අඩාළ කිරීමටයි.
9. එමෙන්ම වයස අවුරුදු 18 සපිරුණු පසු පිරිමි පාර්ශවයට හමුදා සේවය අනිවාර්‍ය බව පැවසෙනවා. පුහුණුවෙන් පසුව සෑම කෙනෙක්ම තම අවි ආයුධ ලෑස්ති පිට තබා ගත යුත්තේ හදිසි අවස්ථාවකට මුහුණ දීමට. එමෙන්ම ග්‍රාමීය පැතිවල මෙන්ම නගරයේද ගෙවල් අතර ඔවුන් පිටතට නොපෙනෙන පරිදි ආයුධ ගබඩා පවත්වාගෙන යනවා.
10. ජිනීවා නගරයට ඔබ ගියොත් කකුල් තුනක් පමණක් ඇති පුටුවක් දැකීමට පුළුවන් වේවි. බිම්බෝම්බ සදහා විරෝධය එයින් සංඛේතවත් කෙරෙනවා.
11. Swiss army knife ස්විට්සර්ලන්තයත් සමගම කියවෙන නමක්. නමුත් මෙහි ඇති corkscrew එක නිෂ්පාදනය කෙරෙන්නේ ජපානයේයි.
12. ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාවේ නිල අගනුවරක් ගැන සදහන් වෙන්නේ නැහැ. නමුත් බර්න් නගරය පිළිගත් අගනුවර ලෙසට සැලකෙනවා.
13. ස්විට්සර්ලන්තයේ 100% නිල වශයෙන් ජනපති කෙනෙක් නැත. ඇත්තේ සත් දෙනෙකුගෙන් යුත් ආරක්ෂක, දේශපාලන කවුන්සිලයකි. මෙය බිහිවූයේ 1848 බිහිවුනු ව්‍යවස්ථාවෙන් වන අතර එය අද දක්වාද බල පැවැත්වෙයි. දැනට මේ කවුන්සිලයේ ප්‍රධානියා වන්නේ Johann Schneider-Amman ය.
14. එමෙන්ම ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව හැදින්වෙන්නේ (Direct democracy) ව්‍යවස්ථාවක් ලෙසටය. එනම ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම නීතියක් අභියෝගයට ලක් කර ව්‍යවස්ථාවට සංශෝධන සිදු කල හැක. කළ යුත්තේ දින 100ක් ඇතුළත අත්සන් 50, 000කින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරීමය . ඉන්පසුව ඒ සදහා ජනමත විචාරණයක් පැවැත්වෙන අතර ජයග්‍රහණය වුවොත් නීතිය සංශෝධනය වේ .
15. මාර්ගයේ ලියවෙන "දඩ" අය කෙරෙන්නේ ඔබගේ ආදායමට අනුවය. දැනගැනීමට ඇති පරිදි එය වාර්ශික ආදායමෙන් 25%කි. මෑතකදී වාර්ෂික ආදායම ඩොලර් මිලියනයක් වූ පුද්ගලයෙකුට ඩොලර් 250000ක් දඩ ගසා ඇත.
16. සූරිච් නගර්යේ අලංකෘත වතුර මල් ( උල්පත්) 1200ක් පමණ ඇත.
17. ඇල්බර්ට් අයින්ස්ටයි ඔහුගේ ප්‍රසිද්ධ සූත්‍රය සොයාගත්තේ බර්න් නගරයේ ඉගෙනමින් සියදීය.
18. ලොව දිගම බිංගෙය පිහිටා ඇත්තේද ස්විට්සර්ලන්තයේ වන අතර එය දිගින් කි.මී 57කි . පිහිටා ඇත්තේ ඇල්ප්ස් කදුවලට 2.3ක්.මී යටින් වන අතර ඉන්ග්‍රීසි චැනලයට වඩා කි.මී 7ක් දිගින් වැඩිය.
19. Swiss Army Knife, absinthe, the potato peeler, Helvetica font, LSD, muesli, edible chocolate gold , and milk chocolate වැනි නිෂ්පාදන ස්විට්සර්ලන්තයෙන් ලොවට දායාද වූ දේවල්ය.
20. සුරතල් සතුන් වන guinea pig, mouse, ferret, fish, canary, pig වැනි සතුන් එකෙකු පමණක් ඇති කිරීමට ස්විට්සර්ලන්තයේ නීතියෙන් ඉඩක් නැත. යුගල වශයෙන් ඇති කළ යුතු අතර එක් සත්වයෙක් පමනක් තබාගැනීම ඔවුන් සලකන්නේ සතුන්ගේ අයිතිවාසකම් උල්ලංඝණයක් ලෙසය. එමෙන්ම බල්ලන් සදහා බද්දක් පැනවෙන අතර බල්ලාගේ විශාලත්වය සහ බර අනුව එය වෙනස්වේ.
*********
මෙහි මා පළකර ඇත්තේ ස්විට්සර්ලන්තය පිළිබද කරුණි කිහිපයක් පමණයි. තව බොහෝ කරුණු ඇති මුත් සේරම ලිවීමට ගියහොත් මේ සටහන නිරස වනවා නොඅනුමානයි. එමෙන්ම සමහරවිට මේ රටේ වසන අය මෙහි ඇති සමහර කරුණු අභියෝගයට ලක් කිරීමට ඉඩ තිබෙනවා. මේ කරුණු මා අන්තර්ජාලයෙන් දැනගත් ඒවා වන නිසා එලෙස අභියෝග කිරීමෙන් පළක් නොවන බවත් කීමට කැමතියි. යම් කරුණක් පිළිබද කුකුසක් වේ නම් ගූගල් දේවයාණන්ගේ සහාය පතන්න.😄 තව කරුණු තිබේ නම ඉදිරිපත් කරන්න. ඔබ යමක් ඉගෙනගත්තානම් එය මට සතුටක් .
©️අර්ජුන ජයකොඩි...

Commenti