top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

රූට් ගැන දන්න සිංහලෙන්ම

  • Writer: ජානුවා
    ජානුවා
  • Jan 28, 2018
  • 2 min read

මොකක්ද රූට් කරනව කියන්නෙ?

ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්‍තම රූට් කරන්න දත කනව. හැබැයි සමහරුන්ට කිසිම අවබෝධයක් නෑ රූට්

කරනව කියන්නෙ මොකක්ද කියලවත්.

ගොඩක් අය රැල්ලට රූට් කරනව මිසක ඒකෙන් ගන්න ප්‍රයෝජනයක් නෑ. "පොං-මර" බව පෙන්නන රූට් කරන උනුත් ඉන්නව.

ඒනිසා බලමු මොකක්ද මේ රූට් කරනව කියන්නෙ කියල.

ඇන්ඩ්‍රොයිඩ් Os එකේදි ඇප්ලිකේශන් වර්ග 2ක් තියනව.

1. System Apps 2. User Apps (3rd Party Apps)

සිස්ටම් ඇප්ස් කියන්නෙ Os එකේ ප්‍රධාන ක්‍රියාවලි බාර වෙලා ඉන්න ඇප් ටික. Ui එක, ප්ලේස්ටෝ එක එහෙම.

යූසර් ඇප්ස් කියන්නෙ ෆෝන් එක පාවිච්චි කරන කෙනා ඉන්ස්ටෝ කරන ඇප්ස්.

ඇන්ඩ්‍රොයිඩ් Os එකේදි ඉන්ටර්නල් ස්ටොරේජ් එක කොටස් කීපෙකට බෙදල තියනව. ඒ බෙදපු කොටස් වලින් යූසර්ට පාවිච්චි කරන්න පුලුවන් Internal SD Card කියන පාටිශන් එක විතරයි. ඒහැර Data, Cache වගේ පාටිශන් වලට දත්ත ලියන්න පුලුවන් ඇප්ස් වලට නමුත් අපිට මැනුවල් මුකුත් කරන්න බෑ.

වින්ඩෝව්ස් වලදි වගේම ඇන්ඩ්‍රොයිඩ් වලදිත් යූසර් එකවුන්ට් කීපයක් පාවිච්චි කරන්න පුලුවන්.

මේ අතරින් විශේශ එක යූසර් එකවුන්ට් එකක් තමා Root User කියන්නෙ. මේ වචනෙ එන්නෙ Linux වල Root යූසර් කියන එකෙන්ම තමා.

රූට් යූසර්ගෙ විශේෂය තමා එයා ඉන්නෙ System හා Normal User කියන දෙන්නටම උඩින්.

මෙයාට ඕනෑම පාටිශන් එකකට අත තියන්න බලතල තියනව. සිස්ටම් ඇප්ස් රිමු කරන්න පවා පුලුවන්.

එතකොට කොහොමද රූට් කරන්න ඕන?

ෆෝන් වල තියනව එක්තරා ලොක් එකක් Bootloader Lock කියල. මේ ලොක් එක තියන තාක්කල් ෆෝන් එකේ කිසිම සිස්ටම් පාටිශන් එකකට කිසිම දෙයක් කරන්න බෑ.

ඒනිසා සේරටම කලින් මේ ලොක් එක ඇරගන්න ඕන. මේක අරින හැටි එක එක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස්.

(ඔය කින්ග් රූට් වගේ හොරිකඩ ඇප් වලින් රුට් කරන එක බොරු වැඩක්. ගොඩක් වෙලාවට System Partion වලට අත තියන්න බෑ ඕවයින් රූට් කලාම. අනික කින්ග් රූට් එක මැල්වෙයා එකක් කියල කලිනුත් කීප සැරයක් කිව්ව.)

මේක ඇරියට පස්සෙ කරන්න ඕන දෙයක් තමා TWRP, CWM වගේ කස්ටම් රිකවරියක් ෆ්ලෑශ් කරන්න ඕන. කස්ටම් රිකවරිය කියන්නෙ වෙනමම Os එකක්. මේකට ඇන්ඩ්‍රොයිඩ් Os එකෙන් ස්වාධීනව වැඩ කරන්න පුලුවන්. මේකෙන් තමා රූට් කිරීම කරන්න ඕන.

දැන් හැමෝම ගාව අඩුම තරමින් Android 5.0 Lollipop වත් තියන නිසා ඊලඟට කරන්න ඕන Magisk 15.3 සිප් ෆයිල් එක රිකවරිය හරහා ඉන්ස්ටෝ කරන එක. මේක සුපර්සූ වලට වඩා ඇඩ්වාන්ස් එකක්.

ඊට පස්සෙ Magisk Manger ඇප් එක ඉන්ස්ටෝ වෙලා නැත්තං ඉන්ස්ටෝ කරන්න විතරයි ඕන.

රූට් කලාට පස්සෙ මොනාද කරන්න පුලුවන්?

අංක එකටම Magisk වලින් Xposed Module එක දාගන්න පුලුවන්. Xposed ගැන අමුතුවෙන්  කියන්න ඕන නෑනෙ.

Luckypatcher එක දාලා ඒකේ Xposed Moulde එක ඇක්ටිව් කරන්න ඕන.

Greenify වගේ ඇප්ස් වලින් බැටරි සේව් කරන්න පුලුවන්.

ෆෝන් එක ස්නැප්ඩ්‍රැගන් නම් මොඩ්ස් ලොට් එකක් තියනව දාලා බලන්න පුලුවන්

Titanium Backup, Helium වගේ ඇඩ්වාන්ස්ඩ් බැකප් ඇප්ස් තියනව

L-Speed, SD Card Booster වගේ ඇප්ස් වලින් SD Card Performance වැඩි කරන්න පුලුවන්

සාමාන්‍යයෙන් Magisk+Xposed කියන්නෙ හොඳටම ඇති.

තව දෙයක් කස්ටම් රොම් ගහන්න රූට් කරන්න ඕන නෑ. ඒක කරන්න ඕන වෙන්නෙ කස්ටම් රිකවරියක් විතරයි.

Magisk https://forum.xda-developers.com/member.php?u=335322

TWRP http://twrp.me

©Rezor Kenway

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comentários


bottom of page