top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල පසු විපරම..01

  • Writer: ජානුවා
    ජානුවා
  • Feb 13, 2018
  • 2 min read

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපල පසු විපරම..01

සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක් යනු පවතින ආණ්ඩුවට වාසිදායකම සහ විපක්ෂයට අවාසිදායකම මැතිවරණයයි.. එය ඒ අයුරින්ම ඒකාබද්ධ විපක්ෂය ප්‍රමූඛ පොහොට්ටුවටද නොඅඩුව බලපා තිබුනි..

එය කොතරම් ආණ්ඩුවට වාසිදායකද යන්න මේ ආණ්ඩුවේ කෙරුවාවකින්ම පැහැදිළි කල හැක.. ආණ්ඩුව මේ ඡන්දයට එන්නේ ලංකාවේ පළාත් තුනක පමණක් පැවැත්වීමට තිබූ පළාත් සභා ඡන්දය තම හිතවත් ජවිපෙද පූර්ණ සහයෝගය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුද එළිපිට නමමින් කල් දමා ගැනීමෙන් පසුය.. ජවිපෙ එදා නිදහසට කරුණ ලෙස කීවේ පළාත් සභා මැතිවරණය කල් දැමීමට තමන් සහය දුන්නේ මාර්තුවට පෙර පුංචි ඡන්දය පවත්වන බවට ආණ්ඩුව තමන්ට පොරොන්දු වූ නිසා බවයි.. සත්‍යයද එයමය.. ආණ්ඩුවට සහ ආණ්ඩුවේම ෂෝ කේස් විපක්ෂයට අවශ්‍ය වූයේද එයමය.. ඒ ආණ්ඩුවට කුමක් හෝ මැතිවරණයක් පැවැත්වීමට සිදු වී තිබූ අවස්ථාවක වඩා වාසිදායක තමන්ගේම පිටියකට තරඟය තල්ලු කර වඩා අවාසි පළාත් සභා ඡන්දයෙන් පැන යෑමයි..

ඊට අමතරව පොහොට්ටුව තරඟයට එන්නේම තමන්ට තවත් හානි බොහොමයක් කර ගෙනය.. නාමයෝජනා නිසා පොහොට්ටුවේ තරම් ගැටුම් විරසක අභ්‍යන්තර බල අරගල වෙන්ව යෑම් ස්වාධීන වීම් ආණ්ඩුවට එක් වීම් සිදුවූ වෙනත් කණ්ඩායමක් නැත.. අවස්ථාවාදීන් මෙන්ම සැබෑවට කළකිරුණු වැඩක් කල හැකි පිරිසක්ද ආරම්භයේදීම පොහොට්ටුවට අහිමි විය..

එම අවාසි මැද මුළු රාජ්‍ය යාන්ත්‍රණයම යොදවා ආණ්ඩුව සහ ආණ්ඩුවේ ජවිපෙ විපක්ෂය රාජපක්ෂ කඳවුරට එල්ලකල ඔවුන්ට හොඳට හුරු හිස් අවලාද ප්‍රහාරයද සුළුපටු නොවීය.. ඉතා බාල ගණයේ විහිළු 34ක් හෙවත් බරපතල චෝදනා තඩි පොතක පිටකවරයක් පමණක් පේමන්ට් එකේ එලා විකිණීමේ සිට විගණකාධිපතිතුමාට හදිසියේ ණය බරක් මතක් වීම දක්වා බොහෝ මොළ සෝදන නාටක ජනතාව ඉදිරියේ රඟ දක්වනු ලැබීය.. තමන්ම කැඩූ මහ බැංකුව කොල්ලකෑ හොරුන්ට දඬුවම් දීමේ නාටකයේ වීරයා චරිතයද ආණ්ඩුවට ලැබෙන ලෙස එම නාටකය පවා රඟ දැක්වීය..

ඊට අමතරව ගමට පොම්ප කල රාජ්‍ය අල්ලස් ප්‍රමාණය අඩුවක් නොවීය.. යූඇන්පී යුවරජු එය එළිපිටම කලේය.. නමුත් ජනතාව එම අල්ලස්වලට හසු වී නැත..

කෙටියෙන්ම පැවසුවොත් පොහොට්ටුවේ මේ විශිෂ්ඨ ජයග්‍රහණය පර්ත් නුවර වේගවත් තණතිල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කලා වැනිය.. නිකම්ම නිකන් නොව ඕස්ට්‍රේලියාව කණ්ඩායම දින දෙකක් තුල ඉනිමකින් පරාජය කලා වැනි අති විශිෂ්ඨ ජයකි..

දැන් නැවත රට පුරාම ඇති වී ඇත්තේ යුධ ජයෙන් පසු 2010 වන විට රටේ පැවති තත්වයද 'අභිබවා' මහින්ද රාජපක්ෂ නම් ශ්‍රී ලංකා දේශපාලනයේ මැකිය නොහැකි සළකුණ ඉහළට එසවී ඇති තත්වයකි.. එය සංඛ්‍යාලේඛණ සහිතව මීලඟ කොටසෙන් තහවුරු කර පෙන්වීමට අපේක්ෂා කරමි.. ඉන් පසු පළාත් මට්ටමෙන් ආණ්ඩුවට ලැබුනු දරුණු ප්‍රහාරය ගැන කථා කිරීමට බලාපොරොත්තු වෙමි..

මතු සම්බන්ධයි.. ©️ විශ්ව චින්තන


 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page