National Geographic හී 2018 පිට කවරයේ සැග වුනු කතාව
- ජානුවා
- Mar 14, 2018
- 2 min read
National Geographic හී 2018 පිට කවරයේ සැග වුනු කතාව

========================================== මේ වසරේ අප්‍රේල් මාසයට නිකුත් වීමට නියමිත National Geographic හී සගරාවේ මුල් පිට කවරයට මෙවර යොදා ගෙන ඇති ඡායාරූපය සියලු දෙනාගේ අවධානය ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ කළු සහ සුදු නිවුන් සහෝදරියන් දෙදෙනා නිසාවෙනි. අනංමනං ලෝකයේ තුන්වැනි කතාව මේ ගැනයි.. ඇමැන්ඩා වෙන්කිලින් (Amanda Wanklin) හා මයිකල් බිග්ස් (Michael Biggs) කියන්නේ හරි අපුරු යුවලක්. ඇමැන්ඩා කියන්නේ සුදු ජාතික බ්‍රිතාන්‍ය තරුණියක්, මයිකල් කියන්නේ ජැමෙයිකානු සම්භවයක් සහිත තරුණයෙක්. ජන කොට්ඨාස දෙකක දෙදෙනෙකු වුවත් ආදරයේ දී එය බාධාවක් නොවන බව පෙන්වා දුන්නු මේ දෙන්නා විවාහ වෙනවා. මේ යුවල හැම වෙලාවෙම හිතුවේ ජිවිතේ වැදගත් ම දේ එකට ජිවත් වීම කියලායි. 2006 ජූලි 03 වෙනිදා මේ පවුල වැදගත් දිනයක් වුනා. ඇමැන්ඩා එදින නිවුන් දරුවන් ට දෙදෙනෙකුට උපත ලබා දුන්නා. මේ දෙදෙනාම දියණියන් වුනා. නම් තැබුවේ දෙදෙනාටම එකම නම වෙනස් වෙන විදිහටයි. එක් දියණියකට මීලී මරිකා මැඩේජ් බිග්ස් (Millie Marcia Madge Biggs) හා අනිත් කෙනා ට මරිකා මීලී මැඩේජ් බිග්ස් (Marcia Millie Madge Biggs) ලෙස නම් තැබුවා. පුංචි කාලේ මේ දැරිවියන් දෙදෙනාම එකම විදිහට හිටියත් වයසත් එක්ක වෙනස් වීම ආරම්භ වෙන්න පටන් ගන්නවා. මරීකාට තිබුණේ ලා දුඹුරු පැහැති සමක් හා දුඹුරු පැහැති හිස් කළඹක්, හරියට ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික අම්මා වගේ. මීලී ට තිබුනේ දුඹුරු පැහැති සමක් හා කළු බොකුටු වුනු හිසකෙස් හරියට ජැමෙයිකානු සම්භවයක් සහිත ඇයගේ තාත්තා වගේ පෙනුමක්. දරුවන් දෙදෙනා වෙනස් වීම කවදාවත් මේ දෙමාපියන් දෙදෙනා බාධාවක් කර ගන්නේ නම් නෑ. දරු උපත් 100කින් එකක් මෙවන් අපුරු සිදුවීමක් වීමට ඉඩ තිබෙන බවයි වෛද්‍යවරුන් නම් පවසන්නේ. මෙය ජානමය ලක්ෂණ හේතුවෙන් සිදු වන දෙයක් බව වෛද්‍යවරුන් තව දුරටත් පවසා තිබුනා. මෙවැනි දරු උපත් සිදුවීම මානව විද්‍යා ලෝකයට අලුත් දෙයක් නිසා තවමත් මෙවැනි දරු උපත් පිළිබදව පර්යේෂණ සිදු කරමින් පවතිනවා. මෙවර මේ අපුරු සිදුවීම National Geographic පළ කරලා තිබුනේ "Black&White" යන තේමාව හා This Twin sisters make us rethink everything we know about race (මෙම නිවුන් සහෝදරියන් දෙදෙනා අපිට නැවත හිතන්න මහත් කරනවා අපි මිනිස් වර්ගයා ගැන දන්න දේවල්) යනු අනුමාතෘකාවත් සමගිනි. ඔවුන් පවසන පරිදි මෙම අප්‍රේල් කලාපය ලෝකයේ නව හැරවුම් ලක්ෂයක් ඇති කරනු ඇතැයි විශ්වාස කරන බවත්, මිනිස්සු, ජාතින්, ආගම්, ජනවාර්ගික ලෙස බෙදා වෙන් වී සිටින අයට මේ කතාව වෙනස් මාවතක් පෙන්වනු ඇති බවත් ඔවුන් විශ්වාස කරන බව සදහන් වෙලා තිබුනා.. මේ නිවුන් සහෝදරියන් දෙදෙනා නම් සහෝදරියන් ට වඩා දැඩි මිතුරන් බවට පත් වී තිබෙනවා. ඔවුන් අතර ඉතාමත් ශක්තිමත් බැදීමක් තිබෙන බවත් සදහන් වෙනවා.. මේ දැරිවියන් දෙදෙනාම වර්ගවාදයට දැඩි ලෙස විරුද්ධ දෙදෙනෙකු වීමත් විශේෂත්වයක්..
ලෝකයේ අපි හැමෝම මිනිස්සු විදිහට හිතනවා නම් මේ කතාව වගේ ලෝකයත් හරි අපුරු තැනක් වෙයි..
|කරුණු හා ඡායාරූප ගත්තේ - National Geographic |මුල් කවරයේ ඡායාරූපය - Robin Hammond |කවරයේ කතාව- Patricia Edmonds |සටහන- අනංමනං ලෝකයෙනි.
Comments