Huawei P20-World best smartphone camera
- ජානුවා
- Mar 28, 2018
- 2 min read

Huawei කට්ටිය උබලට පුළුවන් උපරිම සතුටු වෙයල්ලා මේ වෙලාවේ මොකද මීට ටික වේලාවකට කලින් Mobile industry එකේ camera කියන දේ සම්පුර්නෙන්ම කණපිට ගහන්න සමත් වුනා. ඒවගේම තමයි Huawei ලගේ මේ අලුත් camera system එක ඉස්සරහ උබලා අපි දන්න සුපිරි mobile camera ඒකිව්වේ Galaxy S9+, Iphone X, Pixel 2 වගේ මේ හැම camera system එකක්ම සම්පුර්නෙන්ම අළු සහ දූවිලි විතරක් බවට පත්වෙලා ගියා. ඒවගේම බොහොම දුකෙන් උනත් කියන්න වෙනවා ඒ තමයි Sony සමාගමෙන් ඉස්සරහට ගේන්න හිටපු Fusion dual camera system එකත් මේ Huawei ලගේ අලුත් triple camera system එකෙන් අළු වෙලා යනවා. මං අනිවාරෙන්ම හැමෝටම පොරොන්දු වෙනවා මේ සුපිරි Huawei camera system එක ගැන උබලට ඉස්සරහදි සම්පූර්ණ deep post එකක් ගේනවා කියලා. එකටත් ලෑස්ති වෙලා ඉදහන් එහෙනම්. මං දැනට මේ Huawei triple camera system එකේ specs කිහිපයක් විතරක් කියන්නම්..
Huawei P20 pro එකේ තියෙන්නේ 40Mp camera එකක් 20MP camera එකක් එක්ක සහ 8MP camera එකක් එක්ක
මේකේ 40MP camera sensor එක දැනට mobile phone වල camera sensor size වලින් ලොකුම sensor size එකකට යනවා ඒ 1/1.7 inch sensor එකක්.
ඒවගේම මේ camera system එකට උපරිම iso 102400 දක්වා තඩි ප්‍රමාණයකට යන්න සමත්වෙනවා..
මේකේ තියෙන්නේ 3D වලිනුත් එහාට ගියපු 4D autofocus system එකක්..
ඒවගේම මේකේ 960FPS superslow motion නුත් අන්තර්ගත වෙනවා
මේක දැනට mobile camera වල තියෙන 2X optical zooming පසුකර 3X optical zooming කිට්ටුවට යන්න සම්ත්වෙනවා
මේකේ stabilization system එක තියෙන්නේ අලුතෙන් Huawei සමාගම හදුන්වාදෙන AIS කියල system එකක් මේක උබලා අපි දන්න OIS, EIS වලට වඩා සෑහෙන්න advance
දැන් උබලා කෙලින්ම බලන්නේ DXOmark score නේ මං දන්නවා. ඉතිං පිළිගන්නවානම් පිලිගනින් Huawei ලා අද ලෝකේ මෙතෙක් කාලකෙට හදපු සුපිරිම ගනයේ mobile camera system එකක් තමයි අපිට හදුන්වලා දුන්නේ. ඉතිං මං ඉස්සෙල්ල මේකෙන් අපි උබලා දන්න සුපිරි mobile camera අළු දුහුවිලි බවට පත්කරා කිව්වේ නිකන් නෙවෙයි. ඉතින් ඔන්න අවසානේ අපි ගොඩක් අය chinese කියල නොන්ඩි කරපු brand එක Huawei P20 Pro දුරකථනයේ triple camera syste එකෙන් DXOmark ලකුණු 109ක් ලබාගන්නවා.. ඔව් 109ක් තමයි! මේක ඇත්තටම මීට කලින් තිබුන හොදම mobile camera එක වෙන Galaxy S9+ එකේ ලකුණු 99 ට වඩා ලකුණු 10ක පට්ට ලොකු lead එකක්.
©️Gesha Gihan Anuradha - Android වැඩකාරයෝ උපුටාගැනීමකි
Comments