top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

Crazy Frog ගීතයේ කතාව

  • Writer: ජානුවා
    ජානුවා
  • Mar 14, 2018
  • 2 min read

============================================ Crazy Frog ගීතයේ කතාව

============================================= කාලයකට ඉහත දී ලෝකයේ වඩාත් ම ජනප්‍රියම දුරකථන නාදය බවට පත් වෙලා තිබුනේ මේ අපුරු ගීතයේ නාදයයි.. කවුද මේ පිස්සු ගෙම්බා? අනංමනං ලෝකයෙන් දෙවැනි ලිපිය ඒ ගැනයි.. Crazy Frog ගීතය නිර්මාණය වීමට පෙරයි එහි තනුව නැත්තම් සංගීතය නිර්මාණය වුනේ ඒ මීට වසර 21 ට පෙරයි. 1997 දී වයස අවුරුදු 17ක් වුනු Daniel Malmedahl කියන ස්වීඩන් සිසූවෙකු විසින් තමයි මෙම සංගීතය නිර්මාණය කරනු ලබන්නේ. ඒ ඔහුගේ පරිගණකය භාවිතා කරලා මිතුරෙකුගේ මෝටර් බයිසිකලයක ශබ්දය අනුකරණය කිරීම මගින්. නමුත් මේ විකාර සංගීත නාදය 2003 වසර වෙනකන් ප්‍රසිද්ධියට පත් වෙන්නේ නෑ.. ඩැනියල්ගේ මිතුරෙකු එරික් විසින් 2003 දී එය අන්තර් ජාලයට එකතු කරන්නේ The Annoying Thing යන නාමයෙන්. වසර 2ක් පමණ කාලයක් මෙය අන්තර්ජාලය පුරාම ව්‍යාප්ත වීමෙන් අනතුරුව එක්තරා දුරකථන නාද නිර්මාණය කරන ආයතනයක් ඩැනියල් හා එරික් ව සම්බන්ධ කරගෙන මෙම විකාර නාදය මිල දී ගැනීමට කටයුතු කරනවා.. මොකද ඒ කාලය වෙද්දි ලෝකයේ වඩාත් ම ජනප්‍රියත්වයට පත් වූ නාද මාලාව ලෙස ජනප්‍රියත්වයට පත් වී තිබුනා.. මෙම නාද රටාව ඩැනියල් විසින් නිර්මාණය කරලා තිබුනේ ද්විත්ව ස්ට්‍රෝක් එංජිම ශබ්දය අනුකරණය කිරීමෙන්. ස්වීඩනයේ එක් රූපවාහිනි නාලිකාවක් මෙම නාද රටාව අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වන ආකාරය සොයා ගැනීමත් සමග ඩැනියල් ට සජිවි රූපවාහිනි නාලිකාවේ එම නාදය නැවත ඉදිරිපත් කරන්නත් ආරාධනා කරලා තියෙනවා. ඩැනියල් කියන විදිහට ඒක එයාලා විනෝදයට කරපු දෙයක් වුනත් විශාල මුදලක් උපයන්න ලැබුනු දෙයක් කියලා නම් හිතලා නෑ. ඊට පස්සේ තමයි ඩැනියල් හා එරික් එකතු වෙලා ත්‍රිමාණ සජීවිකරණය ඔස්සේ මේ The Crazy Frog නිර්මාණය කරනු ලබන්නේ. මෙම ත්‍රිමාණ සජීවි කරණයෙන් පසුව මේ නිර්මාණය වුනු Crazy Frog ගීතය බ්‍රිතාන්‍යයේ වඩාත් ජනප්‍රියම ගීත අතර සති ගණනාවක් යනතුරු ඉදිරියෙන් ම තිබුනු බව සදහන් වෙන්නේ වඩාත් ම ජනප්‍රියම ගිතය බවට පත් වෙමින්. ඩැනියල් කියන්නේ ඕනෑම ශබ්දයක් අනුකරණය කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් එයාගේ ඒ හැකියාව යොදාගෙන මේ ගීතය වැඩි දියුණු කරනු ලබනවා. නමුත් මේ ගීතයට බ්‍රිතාන්‍යය තුළ දැඩි විරෝධයකුත් පැන නැගිමට පටන් ගන්නවා. ත්‍රිමාණ සජීවි කරණයෙන් නිර්මාණය කරපු ගෙම්බාගේ ලිංගේන්ද්‍රය පෙනන ලෙස නිර්මාණය කිරීම මගින් දරුවන් වැරිද අවබෝධයක් ලබන බවට බොහො දෙමාපියන් චෝදනා කරන්න ගත්තා. කොහොම වුනත් අදටත් ලෝකයේ වඩාත් ම ජනප්‍රියත්වයට පත් වූ දුරකථන නාද අතරින් ඉදිරියෙන් ම ඉන්න The Crazy frog නැතිනම් The Annoying Thing වලට හැකියාව ලැබුනු බව නම් කියන්න ඕන.

දෙයක් කරද්දී උත්සහයෙන් කරනවා නම්, මොනවද කරන්න බැරි...

කරුණු ගත්තේ- BBC, The Sun, Youtube ඡායාරූප- Google Image (Last Fm) සටහන- ©️අනංමනං ලෝකයෙනි..

 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page