top of page
  • Black Facebook Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Search

බරපතළ වංචා ලැයිස්තුව..

  • Writer: ජානුවා
    ජානුවා
  • Jan 31, 2018
  • 2 min read

ජනාධිපතිවරයා හා අගමැතිවරයා උගුර ලේ රහවන තුරු දේශපාලන වේදිකාවල කෑ මොර දෙන 'බරපතල අපරාද පිලිබඳ ජනාධිපති කොමිසමේ' ඇඟ හිරිවට්ටන බරපතල වංචා ලැයිස්තුව ජනතා පහන් සංවේගය උදෙසා පහත දැක්වේ ( සමහර ඒවා විහිලු මෙන් පෙනුනද එවා විහිලු නොවේ )


1. ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව විසින් මීගමුව කලපු සංවර්ධනයට මුදල් වැය කිරීම


2. මහියංගනය ප්‍රාදේශීය සභාවේ විදානගම සාප්පු සංකීර්ණය බදුදීමේදි සිදු වූ අක්‍රමිකතා.


3. ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරක දැන්වීම් කිහිපයකට මුදල් නොගෙවීම


4. හලාවත සහ කුරුනෑගල වතු සමාගම්වල නිලධාරීන්ගේ යම් අක්‍රමිකතා


5. සීමාසහිත රක්නා ලංකා සමාගම හා ඇවන්ගර්ඩ් මැරිටයිම් සර්විසර්ස් සමාගම් පිලිබඳ චෝදනා


6. වැලිසර වෙඩිබෙහෙත් ගබඩාවේ ඩයිනමයිට් තොගයක් කල් ගත වීමට පෙර නොවිකීනීම නිසා වූ ආදායම් අඩුවීම


7. උතුරු මැද පලාත් සබාවේ මහ ඇමති එස් එම් රංජිත්ට ඇති දූෂණ හා මුල්‍ය අවභාවිතා චෝදනාවක්


8. ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවක්


9. ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සිඩුවූවායැයි කියන අකරමිකතාවක්


10. ශ්‍රී ලංකා ගමනා ගමන මන්ඩලයේ නීත්‍යානුකූල නොවන පත්වීම කිහිපයක් හා වාහනයක් අවභාවිතාවක්


11. හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයට වරාය අධිකාරිය දැරූ වියදම වැඩිය යන චෝදනාව


12. මාර්ග ජලා ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිකට ප්‍රාඩෝ ජීප් රථයක් මිලදී ගැනීම පිලිබඳ චෝදනාවක්


13. හිටපු ආර්ථික සංවර්ධන ඇමති රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අවභාවිතා කලා යන චෝදනාවක්


14. උඩරට සංවර්ධන අධිකාරියේ සිදුවූ යම් අක්‍රමිකතා


15. නාවල පිටිය දුම් රිය ස්ථානයට අයිති ඉඩමක් මහින්දානන්ද පදනමට බදු පදනම මත ලබා දීම


16. පරන්තන් කෙමිකල්ස් සමාගමට, ජාතික ජල සම්පාදන මන්ඩලයට හා ජල පවාහන මන්ඩලයට සම්බන්ද රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනා කිහිපයක්


17. පාරිභෝගික සේවා අධිකාරියේ අක්‍රමිකතා නිසා රජයට අලාබයක් වීම


18. මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් කිහිපයක රෝහල් උපකරණ අලුත්වැඩියා කිරීමේදී වූවායයි කියන අක්‍රමිකතා


19. කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවේ තිබූ පැරණි යන්ත්‍ර කිහිපයක් අබලි යකඩ වලට විකිනීමේදී වූවා යැයි කියන අක්‍රමිකතාවක්.


20. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේදී වූවායැයි කියන අක්‍රමිකතාවක්


21. පශ්චාත් අස්වැන්න තාක්ෂණ ආයතන්යේ උපකරණ මිලදී ගැනීමෙදී වූවායැයි කියන අක්‍රමිකතා


22. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රොහල් පිරිසිදු කිරීමට සැපයූ විශබීජ නාශක දියර නිසි ප්‍රමිතියට අයිති නොවීම


23. අම්පාර දීඝවාපී දාගැබ සංරක්ෂණයට ගඩොල් මිලදී ගැනීමෙදී වූ අක්‍රමිකතාවක්


24. ට්‍රිපොලී එස් පුද්ගලික සමාගම විසින් නැව් සංස්ථාවෙන් කුලියට ලබා ගත් මහපොල නෞකාවට කුලිය නිසි පරිදි නොගෙවීම


25. අම්පාරේ පැවති දැයට කිරුල වැඩසටහනේ කසල කලමණාකරනයේ හා තාවකාලික වැසිකිලි ඉදිකිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතා


26. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරණය කාලයේ මාධ්‍ය උපමාන නිසි පරිදි අනුගමනය නොකිරීම


27. ආපදා කලමණාකරන අමාත්‍යාංශය විසින් සුනාමි පෙර දැනුම්දීමේ කුලුණු නිසි පරිදි නඩත්තු නොකිරීම


28. ඉදිකිරීම් , ඉංජිනේරු හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීනට නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව පොලිස් ආරක්ෂාව ලබා දීම හා ගෙවල් කුලියට දීමේදී වූ යම් අක්‍රමිකතා


29. ජාතික ගමනාගමන මන්ඩලය විසින් 2014 දෙසැම්බර් මස මහින්ද රාජපක්ෂ මහාතගේ සහභාගීත්වයෙන් උත්සවයක් සංවිධානය කිරීම හා ඒ සඳහා අධිවෙගී මාර්ගයේ මගී ප්‍රවාහනයට අවසර ලබා දීම


30. සහතික මිලට වඩා වැඩි මිලක් ගොවියන්ට ගෙවා දේශීය ලොකුලූණු මිලදී ගැනීමෙන් සතොසට වූවා යැයි කියන පාඩුව


31. උතුරුමැද පලාත් සභාවට බහුකාර්ය ජල පෙරණ ලබා දීමේදී සිදුවූවායැයි කියන අක්‍රමිකතා


32. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ පුහුනු ආයතනයේ සිදුවූ යම් අක්‍රමිකතා


33. වෛද්‍ය සැපයීම අංශය විසින් මෙඩිකොම් පුද්ගලික සමාගමේ නිපදවූ ඖෂධයක් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක්


34. ජාතික තරුණ සේවා සභාවේ සිදුවූවායයි කියන අක්‍රමිකතාවක්


මේ බරපතල වැරදි 34 සොයාගෙන තිබෙන්නේ පැමිණිලි 401 ක් විමර්ෂණය කිරීමෙන් හා පැමිණිලි 1198 ක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.


මේ කියනා සියලු අපරාධ වලින් රජයට සිදු වී ඇති පාඩුව මහබැංකු හොරකමට සම්බන්ධ ආයතනය විසින් එම සිද්ධියට අදාල ප්‍රධාන විධායක නිලධාරියාට ගෙවූ බෝනස් මුදල හා ඔවුන්ට උපකාර කල විවිධ නිලධාරීන්ට හා සමහර ඇමතිවරුන්ට ගෙවූවායැයි බැඳුම්කර පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ හෙලිවූ අල්ලස් මුදලටත් වඩා අඩුය.


අප සිනහවිය යුත්තේ කොතනින්ද..?


©️නාලක ගොඩහේවා


 
 
 

Recent Posts

See All
😀😀😀

පෙම්වතා හෝ පෙම්වතිය dialog අයට මේක කරන්න පුළුවන්. mobitel අයටත් පුළුවන් ද කියල නම් මම හරියටම දන්නෙ නෑ. මුලින්ම selfcare app එක download...

 
 
 

Comments


bottom of page