අධිවේගී මගඩිය
- ජානුවා
- Feb 6, 2018
- 1 min read
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර ගලගෙදර කොටස සදහා පසුගිය ආණ්ඩුව ජපානයේ ජයිකා ආයතනය සමඟ ඇති කර ගත් සහන පොළියක් සහිත ණය ගිවිසුම මේ රජය පැමිණි පසු අවලංගු කල අතර ඒ වෙනුවට ඔවුන් ජපානයේ තෝකියෝ මිට්සුබිෂී බැංකුවෙන් ඇ. ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 15300ක) ණයක් ලබා ගන්නා ලදී..
සාමාන්‍යයෙන් යුද්ධය අවසන් වූ පසු පසුගිය රජය ගත් මහා පරිමාණ ණය ව්‍යාපෘතිවල පොළිය 2%ක වටා පැවතුනි.. නමුත් මේ යහපාලන ණයේ පොළිය 6%කි.. ඊට අමතරව 10.07% (රුපියල් කෝටි 1637.1)ක රක්ෂණ ගාස්තුවක් ගෙවිය යුතුය (මෙම රක්ෂණ ගාස්තුව යුධ සමයේදී 5%-10%ත් අතර වූ අතර යුධ ජයග්‍රහණයෙන් පසු 2%-5% අතර අගයක විය).. ණය සූදානම් කිරීමේ ගාස්තුව 1.1% (රුපියල් කෝටි 168.3)කි.. කොමිස් ගාස්තුව 0.25% (රුපියල් කෝටි 38.25)කි..
මෙම ගණුදෙණුව රටේ තතුදත් ජනතාව අතර මහත් ආන්දෝලනයක් සහ මාධ්‍ය හමුවකින් මාධ්‍ය අසන ප්‍රශ්ණවලට පිළිතුරු දී ගත නොහැකිව නැගිට යෑමට කිරිඇල්ල ඇමතිට සිදුවෙන තත්වයක් නිර්මාණය කලේය..
මෙහි විශේෂත්වය මෙය නොවේ..
මෙම ගණුදෙණුව අගමැති වික්‍රමසිංහගේ සෘජු මැදිහත් වීමෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හරහා සිදු වූ අතර අදාල ජපාන බැංකුවේ ලංකාවේ ඒජන්තවරයා වන්නේ කුප්‍රකට අර්ජුන් ඇලෝසියස්ය.. මෙම අතිශය පාඩු සහගත ගණුදෙණුව අනුමත කල මුදල් මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන්ය..
බැඳුම්කරය යනු මේ ගසේ එක් අත්තක් පමණි..
wishwa chinthana

Comments